Home World News Room : හමාස් වෙත නෙතන්යාහුගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

News Room : හමාස් වෙත නෙතන්යාහුගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

0
0

“සෙනසුරාදා දහවල්වන විට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු නොදුන්නහොත්” ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා එක්රැස් කරන ලෙස තමා නියෝග කළ බව බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් 76 දෙනාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවාද, නැතහොත් මෙම සෙනසුරාදා නිදහස් කිරීමට නියමිත තිදෙනා පමණක්ද යන්න නෙතන්යාහු නිශ්චිතව මෙහිදී සඳහන් කර නොමැත.

අත්‍යවශ්‍ය මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළුව හේතු කිහිපයක් සදහන් කරමින් සති තුනක් ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලයට චෝදනා කරමින් හමාස් සංවිධානය පසුගියදා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බවට සදහන් කර තිබුණි.

කෙසේ නමුත් සෙනසුරාදා අවසන් දිනය වන විට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් නෙතන්යාහු සටන් විරාම ගිවිසුම බිඳ දැමීමට සැබවින්ම අදහස් කරන්නේද යන්න තවමත් පැහැදිලි නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

The post හමාස් වෙත නෙතන්යාහුගෙන් දැඩි අනතුරු ඇඟවීමක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here