1
ලබන 15 වැනිදා දහවල වන විට ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් ගාසා තීරය නිරයක් බවට පත්වනු ඇතැයි කියමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් සංවිධානය ලබන 15 වැනිදා ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් ඊශ්‍රායලය වහාම සටන් විරාම ගිවිසුම අහෝසි කළ යුතු බවත්, ගාසා තීරය නිරයක් බවට පත් වීමට ඉඩ හැරිය යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවූ බවට හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට කිසිදු වටිනාකමක් නැති බවත්, අමෙරිකානු ජනාධීපතිවරයාට කිසිදිනෙක ගාසා තීරය නිරයක් කළ නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද නිවේදනයක් නිකුත් කර ඇති අතර, සියලු ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාගැනීම සඳහා නොනවතින ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රතිඥා දී ඇතැයි වාර්තා වේ.