Home Sport News Room : සමිත දුලාන් ඩුබායිහිදී රන් දිනයි

News Room : සමිත දුලාන් ඩුබායිහිදී රන් දිනයි

1
0

ඩුබායිහී පැවැත්වෙන ගොන් ප්‍රී 16 වැනි ෆාසා ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර සමත් දුලාන් සමත් විය.

තරගාවලිය ආරම්භ වූ පළමු දිනයේ (10) පිටියට පිවිසි ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩක බලලත් නිලධාරි II සමිත දුලාන් එෆ් 64 කාණ්ඩය නියෝජනය කරමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 61.88ක දක්ෂතාවක් සමඟ රන් පදක්කම දිනා ගත්තේය.

ශ්‍රී ලංකාවෙන් සිවුදෙනකුගෙන් යුත් කණ්ඩායමක් මේ තරගාවලියට එක්වන සිටින අතර, මලල ක්‍රීඩා ඉසව්වන්ගෙන් නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි සමඟ යගුළිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් උපාලි බණ්ඩාර ද තරග බිමට පිවිසෙති. දින 4ක් පුරා පැවැත්වෙන මේ තරගාවලිය හෙට (13) නිමාවීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here