Home Sport News Room : ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා ප්‍රධාන පන්දු යවන්නෙක්ගේ ඉරියව්ව සැකසහිත බවට...

News Room : ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා ප්‍රධාන පන්දු යවන්නෙක්ගේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා

1
0

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මෑතකදී පැවති ටෙස්ට් ජයග්‍රහණයේදී කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට වාර්තා පළව ඇත.

‘කෝඩ් ස්පෝර්ට්ස්’ පුවත්පතට අනුව, කුහ්නමන්ගේ ආකර්ෂණීය ක්‍රීඩා විලාශය අතරතුර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න කර ඇති අතර, එමඟින් සති තුනක් ඇතුළත අනිවාර්ය පන්දු යැවීමේ ඉරියව් විශ්ලේෂණ පරීක්ෂණයකට භාජනය වීමට ඔහුට සිදුවනු ඇත.

2017 දී ඔහුගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතය ආරම්භවීමෙන් පසු මෙම පන්දු යවන්නාගේ ඉරියව්ව පරීක්ෂාවට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.

“ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැන ටෙස්ට් තරගයෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරඟ නිලධාරීන්ගේ යොමුකිරීම පිළිබඳව දැනුම්දෙන ලද අතර මෙම කාරණය නිවැරදි කිරීමේ ක්‍රියාවලිය හරහා මැට්ට සහාය වනු ඇත,” යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියානු ප්‍රකාශකක් ජනමධ්‍ය වෙත පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here