Home World News Room : ඇලුමීනියම් සහ වානේවලට 25%ක ආනයනික බද්දක්

News Room : ඇලුමීනියම් සහ වානේවලට 25%ක ආනයනික බද්දක්

0
0

අමෙරිකාවට ආනයනය කරනු ලබන වානේ සහ ඇලුමීනියම් සඳහා 25% ක තීරුබදු අය කිරීමට ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වුවද එම තීරුබදු සඳහා මුහුණ දෙන රටවල් ධවල මන්දිරයෙන් ප්‍රසිද්ධියට පත් කර නැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ විශාලතම වානේ ආනයනය සිදුවන්නේ කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් වන අතර, විශාලතම ඇලුමීනියම් ආනයනය කැනඩාවෙන් සිදු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව නියෝගය සම්බන්ධව කැනඩාව දැනටමත් ප්‍රතිචාර දක්වා ඇති අතර, එම නියෝගයෙන් කැනඩාවේ ආර්ථිකයට බලපෑම් එල්ල වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here