Home Sport News Room : ආධුනික පිහිනුම් සම ශූරතා ගෝතමී-ධර්මාශෝක දිනයි

News Room : ආධුනික පිහිනුම් සම ශූරතා ගෝතමී-ධර්මාශෝක දිනයි

3
0

බාලිකා සම ශූර­තාව දිනූ කොළඹ ගෝතමී බාලිකා කණ්ඩා­යම

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මෙහෙයවන ලද ආධුනික පිහිනුම් තරගාවලියේ පාසල් බාලිකා සම ශූරතා කොළඹ ගෝතමී බාලිකා හා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් විසින් දිනා ගන්නා ලදි.

මෙහිදී කොළඹ ගෝතමී බාලිකා විදුහල් පිහිනුම් කණ්ඩායමේ උත්තරා අරවින්දි අතුකෝරළ ලය ආර මීටර් 50 තරග ඉසව්වේ දෙවැනි ස්ථානය, කෙනුදි දියන්සා නිදහස් ආර මීටර් 100 තරග ඉසව්වේ තෙවැනි ස්ථානය, හෙසන්යා යෙන්දිනී නිදහස් ආර මීටර් 200 තරග ඉසව්වේ පළමු ස්ථානය, සෙලුනි ලිසාරා සේමින්දි නිදහස් ආර මීටර් 100 තරග ඉසව්වේ දෙවැනි ස්ථානය, සමනල ආර මීටර් 50 තරග ඉසව්වේ දෙවන ස්ථානය, නිදහස් ආර මීටර් 50 තරග ඉසව්වේ තෙවැනි ස්ථානය, ශාමිනී අංජලි ළය ආර මීටර් 50 තරග ඉසව්වේ දෙවැනි ස්ථානය, පසුපස ආර මීටර් 50 තරග ඉසව්වේ දෙවැනි ස්ථානය ද හිමිකර ගනිමින් දස්කම් දැක්වූහ.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය ඉතිහාසයේ ප්‍රථම වරට ආධුනික පිහිනුම් ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි. එම විදුහලේ පිහිනුම් පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක කමිටු සාමාජික දිනේෂ් දයානන්ද මහතා කටයුතු කරයි.

මල්වාන සමූහ – මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here