16
අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ස්කොට්ස්ඩේල් ගුවන්තොටුපොළේ නවතා තිබූ ගුවන් යානයක කුඩා පෞද්ගලික ජෙට් යානයක් ගැටීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ මොහොතේ ගුවන්යානය මගීන්ගෙන් හිස්ව පැවැතීම හේතුවෙන් තුවාල ලැබූ පිරිස අවම වූ බව ද වාර්තා වේ.
එක්තරා සංගීත කණ්ඩායමක ගායකයකුට අයත් බව කියන එම කුඩා ජෙට් යානය ධාවන පථයේ ලිස්සා ගොස් නවතා තිබූ ගුවන් යානයේ බඳෙහි ගැටී ඇති අතර, තුවාල ලබා ඇත්තේ ඒ මොහොතේ ගුවන්තොටුපොළේ සිටි පුද්ගලයන් බව වාර්තා වේ.