19
ආදි නාලන්දීය ක්රිකට් ක්රීඩකයින්ගේ සංගමය සංවිධාන කළ නාලන්දා ක්රිකට් ඇකඩමියේ ක්රීඩකයන් සඳහා වූ බන්දුල වර්ණපුර අනුස්මරණ ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නාලන්ද වයිකින්ස් කණ්ඩායම සමත් විය. නාලන්ද විදුහල් පිටියේ පැවති මේ තරගාවලියේදී අවසන් තරගයේ වයිකින්ස් පිල හමුවේ නාලන්ද ටයිටන්ස් කණ්ඩායම පරාජය විය.
නාලන්දා විදුහල් ඇකඩමියේ සිට පළමු පෙළ දක්වා ක්රිකට් ක්රීඩකයන්ගේ කණ්ඩායම් හැඟීම, විනය, ක්රීඩාවේ ජීවගුණය පවත්වා ගැනීම හරහා ජාතික මට්ටමේ දක්ෂතා සඳහා පරිපූර්ණ ලෙස රැගෙන යෑමේ අරමුණින් සංවිධාන කළ මේ තරගාවලියට නාලන්දා වයිකින්ස්, නාලන්දා ටයිටන්ස්, නාලන්දා වෝරියර්ස් සහ නාලන්දා විසාඩ්ස් කණ්ඩායම් තරග වැදුණි.









