Home Sport News Room : ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම CAVA CLUB ශූරතාවලියට යයි

News Room : ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම CAVA CLUB ශූරතාවලියට යයි

1
0

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන CAVA CLUB වොලිබෝල් ශූරතාවලිය සදහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.

මාලදිවයිනෙදී පවත්වනු ලබන CAVA CLUB වොලිබෝල් ශූරතාවලිය 2024 සැප්තැම්බර් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවත්වීමට නියමිත අතර මෙම ශූරතාවලිය ගෘහස්ථ හා වෙරළ වොලිබෝල් තරගකරුවන් සදහා තරඟ පැවත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

ආසියානු කලාපයේ දක්ෂතම වොලිබෝල් කණ්ඩායම් රැසක් සහභාගිවනු ලබන CAVA CLUB වොලිබෝල් ශූරතාවලිය සදහා ඇෆ්ගනිස්ථානය, ටර්ක්මෙනිස්තානය, පකිස්ථානය, මාලදිවයින සහ ඉන්දියාව වැනි රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතය.

මෙම තරගාවලියට පිටත්ව යාමට පෙර ගුවන් හමුදා මූලස්ථායේදී ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමු වූ අතර උපරිම දස්කම් දක්වමින් තරගාවලිය ජයග්‍රහණය කරමින් ජාතියට අභිමානයක් ගෙන ඒමට ඔවුන් දිරිමත් කරන ලදී.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here