7
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සුවන්ජි මදනායක පන්දු 88කදී හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 102ක් හා පන්දු යවන්නකු ලෙස කඩුලු 2ක් දවා ගනිමින් දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කොළඹ මාස්ටර්ස් ක්‍රිකට් සංගමය විසින් ලකුණු 138කින් ජනසතු සේවා ක්‍රිකට් පිල පරාජය කරන ලදී.
ලංකා මාස්ටර්ස් ක්‍රිකට් සංගමය සංවිධාන කරන වයස 50න් ඉහළ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන අතර, සුවන්ජි එහි ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්විය.
පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොළඹ මාස්ටර්ස් ක්‍රිකට් සංගමය කඩුලු 8කට ලකුණු 246ක් රැස්කළ අතර, ජනසතු සේවා ක්‍රිකට් පිල ලකුණු 108කට දැවී ගියේය.
මේ තරගාවලියේ මීළඟ තරග දෙක මේ ඉරිදා (15) වෙළෙඳ සේවා ක්‍රිකට් පිල හා ජනසතු සේවා ක්‍රිකට් පිල අතර, 17 දා වෙළෙඳ සේවා හා කොළඹ මාස්ටර්ස් ක්‍රිකට් සංගමය අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ මාස්ටර්ස් ක්‍රිකට් සංගමය – 246/8යි. විජයානන්ද පෙරේරා 24, පූජිත ගුණවර්ධන 23, සුවන්ජි මදනායක නොදැවී 102, ෂෆීක් රහීම් 16, රියාද් එම්. ෆවුසි 27 (අනුර පතිරණ 33/3, සාන්ත කුමාරසිංහ 35/2)
ජනසතු සේවා ක්‍රිකට් පිල – 108යි. පාලිත ලියනගේ 17, සඳරුවන් පුෂ්පකුමාර 17, අනුර පතිරණ 15, සමන් ද සොයිසා නොදැවී 13 (පූජිත උඩුවන 19/3, චමින්ද රාජපක්ෂ 12/2, සුවන්ජි මදනායක 15/2, පූජිත ගුණවර්ධන 15/2)
ප්‍රින්ස් ගුණසේකර