Home Sport News Room : සමි­තට යුද හමු­දා­වෙන් ලක්ෂ 20ක තෑග්ගක්

News Room : සමි­තට යුද හමු­දා­වෙන් ලක්ෂ 20ක තෑග්ගක්

3
0

ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා­ලි­ම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි F44 (දණ­හි­සට පහ­ළින් එක් පාද­යක හෝ පාද දෙකෙ­හිම ක්‍රියා­කා­රී­ත්වය මධ්‍යස්ථ ලෙස අඩුව ඇති) කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉස­ව්වෙන් නව ලෝක වාර්තා­වක් සමඟ රිදී පද­ක්කම දිනා­ගත් සමිත දුලාන්ට ඔහු සේවය කරන ශ්‍රී ලංකා යුද හමු­දා­වෙන් රුපි­යල් ලක්ෂ 20ක මුදල් ත්‍යාග­යක් පිරි­නැ­මෙයි.

යුද හමු­දා­ධි­පති ලුති­නන් ජෙන­රාල් විකුම් ලිය­නගේ මහතා විසින් නව ලෝක වාර්තාව බිහි කළ සමිත දුලාන්ගේ දක්‍ෂතා හා කැප­වීම අගය කළ අතර, යුද හමු­දාවේ උණු­සුම් පිළි­ගැ­නීම් මැද හමුදා මූල­ස්ථා­නය වෙත කැඳවා එන ලදී.

පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාං­ග­ණයේ පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්ව මීටර් 67.03ක දක්ෂ­තා­ව­කින් සමිත දුලාන් දෙවැනි තැනට පත් විය. මේ වසරේ මැයි මාසයේ ජපා­නයේ කොබේහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී ඔහු විසින් මීටර් 66.49කින් පිහි­ටුවා තිබූ තමා­ගේම ලෝක වාර්තාව පැරිස් නුවර දක්ෂ­තා­ව­යෙන් මකා දැමු­වේය.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here