Home Sport News Room : ලෝක වාර්තා පිහි­ටු වූ සමිත පිළි­ගැ­නී­මට පවුලේ උද­විය පෙර­මු­ණට

News Room : ලෝක වාර්තා පිහි­ටු වූ සමිත පිළි­ගැ­නී­මට පවුලේ උද­විය පෙර­මු­ණට

0
0

ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා­ලි­ම්පික් ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී නව ලෝක වාර්තා­වක් තබ­මින්, රිදී පද­ක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩ­කයා පෙරේදා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණි­යේය.

සමිත එෆ්. 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉස­ව්වට සහ­භාගි වී මේ ජය­ග්‍ර­හ­ණය හිමි කර ගෙන තිබූ අතර, ඔහු මීට පෙර ජපා­නයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලි­ම්පික් තර­ගා­ව­ලි­යට ද සහ­භාගි වී ලෝකඩ පද­ක්ක­මක් දිනා ගැනී­මට සමත් වී තිබිණි.

සමිත දුලාන් පිළි­ගැ­නීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය රියර් අද්මි­රාල් ෂෙමාල් ප්‍රනාන්දු මහ­තාගේ ඉල්ලීම පරිදි ඔහුගේ ආද­ර­ණීය බිරිය, දරුවා, ඔහුගේ පියා හා මවගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කිරීම විශේ­ෂ­ත්ව­යක් විය.

වෙනදා මෙවැනි ජය­ග්‍ර­හ­ණ­ය­කදී නිල­ධා­රීන් ඉදි­රි­යට පැමි­ණීම දක්නට ලැබු­ණද සිය පවුලේ අය විසින් මල්මාලා දමා සමිත පිළි­ගැ­නීම පිළි­බඳ බොහෝ දෙන­කුගේ ප්‍රශං­සාව හිමි විය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට අම­ත­රව ජාතික පැරා ඔලි­ම්පික් කමි­ටුවේ සභා­පති දීපාල් පෙරේරා මහතා ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් හා ශ්‍රී ලංකා යුද හමු­දාවේ ක්‍රීඩා අංශයේ නිල­ධා­රීහු පිරි­සක් ද කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යහ.

කටු­නා­යක – ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here