Home Sport News Room : එංග­ල­න්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර­නවා

News Room : එංග­ල­න්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර­නවා

1
0

එංග­ල­න්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ‘බස්බෝල්’ නම් ආක්‍ර­ම­ණ­ශීලී ස්වභා­ව­යට ගෙන­ගොස් ශ්‍රී ලංකාව ප්‍රති­වා­දි­යකු ලෙස නොපි­ළි­ගැ­නී­මෙන් වන්දි ගෙවී­මට සිදු වූ බව එංග­ලන්ත හිටපු ක්‍රිකට් නායක මයි­කල් වෝන් පව­සයි. පළමු ඉනිමේ එංග­ල­න්තය පෙර­මුණ ගෙන සිටි­යද ආක්‍ර­ම­ණ­ශීලී බව වැඩි වීම හේතු­වෙන් දෙවැනි ඉනිමේ ගිලා බැසී­මට ලක්වූ බව මයි­කල් වෝන් පවසා සිටී.

ශ්‍රී ලංකා­වට එරෙහි ඕවල් ටෙස්ට් තර­ගය කඩුලු 8කින් එංග­ල­න්තය පරා­ජ­යවූ පසු වෝන් එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම විවේ­ච­නය කළේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පිල අව­ත­ක්සේරු කිරී­මෙන් එංග­ල­න්ත­යට වන්දි ගෙවී­මට සිදු වූ බවයි. එංග­ල­න්තය ටෙස්ට් ක්‍රිකට් නොස­ලකා හරින බවට වෝන් චෝදනා කළේය.

එංග­ල­න්තය ඕවල් පිටියේ පළමු ඉනිම සඳහා එක් අව­ස්ථා­වක කඩුලු 4ක් දැවී ලකුණු 261ක් ලබා සිටි­යද එතැන් සිට ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 325කින් අව­සන් විය. අන­තු­රුව ශ්‍රී ලංකාව ලකුණු 263කට සීමා කළ එංග­ල­න්තය පළමු ඉනි­මේදී ලකුණු 62ක ඉදි­රි­යක් ලබා ගත්තේය. පසුව දෙවැනි ඉනි­මේදී ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණි. පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 219ක් රැස් කර­මින් තර­ගය ජය ගත්තේය.

එංග­ල­න්තය ශ්‍රී ලංකා ඉනි­මේදී ආක්‍ර­ම­ණ­ශීලී පන්දු පිටි­යක් සකස් කළද, පැතුම් නිශ්ශංක ආයා­ස­ය­කින් තොරව ලකුණු රැස් කළ බව මයි­කල් වෝන් ‘ද ටෙලි­ග්‍රාප්’ පුව­ත්ප­තට අද­හස් දැක්වීය.

“එංග­ල­න්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සුළු දෙයක් බවට පත්කර තිබෙ­නවා. පිති­ක­ර­ණ­යේදී සහ පන්දු රකි­න්නන් ස්ථාන­ගත කිරී­මේදී අම­තර ආක්‍ර­ම­ණ­ශීලී බව පෙන්නුම් කළේ ශ්‍රී ලංකාව ප්‍රති­වා­දි­යකු ලෙස නොපි­ළි­ගෙ­නයි.

එංග­ල­න්තය හොඳ තර­ග­ය­කින් පසු සෑහී­ම­කට පත්වීම දැන් පුරු­ද්දක් කර­ගෙන තියෙ­නවා. එය අළු බඳුන තර­ගා­ව­ලි­යේදී සහ වසර මුලදී රාජ්කොට්හි පැවති තර­ග­ව­ලදී දක්නට ලැබුණා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රහා­ර­ව­ලින් පම­ණක් හසු­රු­වන්න බැහැ. ඉන්දි­යා­වට සහ ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව මෙවැනි ක්‍රීඩා කළොත් ගැල­වෙන්න ලැබෙන්නේ නෑ” මයි­කල් වෝන් පැව­සීය.

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here