Home Sport News Room : ට්‍රිනිඩෑඩ් බැහැලා දවසකින් වනිඳු කැරිබියන් වෙලා

News Room : ට්‍රිනිඩෑඩ් බැහැලා දවසකින් වනිඳු කැරිබියන් වෙලා

1
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වී දිනක් තුළ වෙනස් මුහුණුවරක් ගත් නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී ක්‍රීඩා කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. එම කොණ්ඩා මෝස්තරය මෙයට පෙර ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයන් භාවිත කළ අතර, කැරිබියන් දූපත්වලට ආවේණික විලාසිතාවකි.

බටහිර ඉන්දීය කොදෙව් කැරිබියන්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගණයේදී තරග දෙකකට සහභාගි වූ වනිඳු පළමු තරගයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්වූ ආකාරයෙන් ක්‍රීඩා කළ, අතර පසුව පැවති දෙවැනි තරගයේදී මේ නව කොණ්ඩා මෝස්තරයෙන් පෙනී සිටියේය.

සාන්ත කිට්ස් හා නෙවිස් කණ්ඩායමට ක්‍රීඩා කරන වනිඳු මේ තරග දෙකේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ඇන්ටිගුවා පිලට එරෙහිව පන්දු 14කදී හයේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 23ක් වාර්තා කළ අතර, පන්දු යැවීමේදී ලකුණු 16කට ප්‍රතිවාදී පිතිකරුවන් 4ක් දවා ගත්තේය. බාර්බඩෝස් රෝයල් පිලට එරෙහි අනෙක් තරගයේදී පන්දු 27කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ වනිඳු ලකුණු 40ක් ලැබූ අතර, ලකුණු 33කට කඩුල්ලක් දවා ගත්තේය. එහෙත් මේ තරග දෙකම සාන්ත කිට්ස් හා නෙවිස් කණ්ඩායම් පරාජයට පත් විය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here