Home Sport News Room : ඉසිත විජේසුන්දර දකුණු අප්‍රිකා ‘ඒ’ ඉනිම බිඳ දමයි

News Room : ඉසිත විජේසුන්දර දකුණු අප්‍රිකා ‘ඒ’ ඉනිම බිඳ දමයි

0
0

ඉසිත විජේසුන්දරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 124කට සීමා කිරීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

මේ තරගයේ දකුණු අප්‍රිකා ‘ඒ’ පිල පළමුව පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට ලකුණු 372ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමට රැස් කළේ ලකුණු 323ක් පමණි. ඒ අනුව ලකුණු 49ක් වාසියක් හිමිවීම නිසා දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 173ක ඉලක්කය හිමි විය.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේදී කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, බෙයර්ස් ස්වනෙපොල් නොදැවී ලකුණු 38ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ඉසිත විජේසුන්දර සිය තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළේ ලකුණු 34කට කඩුලු 7ක් දවා ගනිමිනි. ඒෂාන් මාලිංග කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ඕෂද ප්‍රනාන්දු පන්දු 146කින් ලකුණු 122ක් රැස් කළේ හතරේ පහර 21ක් සමඟිනි. මුල් කඩුලු 2 ලකුණු 61ක් තුළ බිඳ වැටීමෙන් පසු නායක පසිඳු සූරියබණ්ඩාර සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 153ක සබඳතාවක් ගොඩනැඟීමට ද ඕෂදට හැකි විය. පසිඳු පන්දු 110කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 61ක් රැස් කළේය.

අද තරගයේ අවසන් දිනයයි.

දකුණු අප්‍රිකා ‘ඒ’ පළමු ඉනිම – 372 (ඕවර 108.2) මැතිව් බ්‍රීට්ස්කේ 129, මාර්කේස් ඇකර්මන් 69, ටීශෙපැග් ඩිතෝල් 52 (ඒෂාන් මාලිංග 65/4, ඉසිත විජේසුන්දර 59/2, චාමික ගුණසේකර 71/2, නිශාන් පීරිස් 98/2) සහ දෙවැනි ඉනිම – 124 (ඕවර 31) (ඉසිත විජේසුන්දර 34/7, ඒෂාන් මාලිංග 28/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 323 (ඕවර 91.5) ඕෂද ප්‍රනාන්දු 122, පසිඳු සූරියබණ්ඩාර 61 (බෙයර්ස් ස්වනෙපොල් 52/4, ප්‍රෙනෙලන් සබ්‍රයන් 63/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here