Home Sport News Room : සබලෙන්කා අමෙරිකා ටෙනිස් කිරුළ දිනයි

News Room : සබලෙන්කා අමෙරිකා ටෙනිස් කිරුළ දිනයි

1
0

අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට බෙලරුසියාවේ 26 හැවිරිදි අයර්නා සබලෙන්කා සමත් වූවාය. ඇගේ තුන්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙය වූ අතර, මෙවර අවසන් සටනේදී පරාජයට පත් වූයේ අමෙරිකාවේ ජෙසිකා පෙගුයූලාය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් සබලෙන්කාට අමෙරිකානු ඩොලර් 3,000,000ක මුදල් ත්‍යාගයක් සමඟ කුසලානය හිමි විය.
සබලෙන්කා 7-5, 7-5ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව “මට අතීතයේ සිදු වූ දරුණු පරාජයන් සියල්ල මතකයි. නමුත් කිසි විටෙකත් මගේ සිහිනය අත් හැරියේ නෑ” පැවැසූවාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here