Home Sport News Room : ශ්‍රී ලංකා-කාම්බෝජ තරගය ජය පරාජ නෑ

News Room : ශ්‍රී ලංකා-කාම්බෝජ තරගය ජය පරාජ නෑ

0
0

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා අතර ඊයේ පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති මේ තරගයේදී දෙපිලටම ගෝල් වාර්තා කිරීමට නොහැකි විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා පිලට ගෝල් ලබා ගැනීමේ ආසන්න අවස්ථා 7ක් ගිලිහී ගිය අතර, කාම්බෝජියා පිලට එවැනි අවස්ථා 2ක් අහිමිවී ගියේය. මෙහි දෙවැනි අදියරේ තරගය මේ 10 වැනිදා කාම්බෝජියාවේදී පැවැත්වීමට නියමිතය.

වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව කාම්බෝජියාව 180 වැනි ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 205 වැනි ස්ථානයේ පසුවේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම වෘත්තීය මට්ටමේ හොඳ සටනක් ලබාදීම කැපී පෙනිණි.

දෙරට අතර 2001 මාර්තු මාසයේදී පැවති ශ්‍රී ලංකාව හා කාම්බෝජියා අතර තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල් 1-0ක ජයක් අත්කරගත් අතර, 2016 ඔක්තෝබර් මාසයේ පැවති තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා පාපන්දු පිලේ නව පුහුණුකරු ක්වේට් ජාතික අබ්දුල්ලා අල් මුතේරි මහතා තරගයෙන් අනතුරුව පැවසුවේ තමන් කණ්ඩායම භාරගෙන දින 10ක් ඇතුළත වෙනස් තරග රටාවකට ශ්‍රී ලංකා පිල අවතිර්ණ කිරීම පිළිබඳ සතුටට පත්වන බවය. මෙහි දෙවැනි අදියරේ කාම්බෝජියාවේ පැවැත්වෙන තරගයේදී මෙයට වඩා හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

 

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here