Home Sport News Room : කමිඳු ලෝක ටෙස්ට් බිමේ ස්ථාන 11කින් ඉදිරියට

News Room : කමිඳු ලෝක ටෙස්ට් බිමේ ස්ථාන 11කින් ඉදිරියට

1
0

එංගලන්තයට එරෙහි දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් අයිසීසී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 11කින් ඉදිරියට පැමිණ ලොව පිතිකරුවන් අතුරින් 25 වැනි ස්ථානය දක්වා පැමිණෙයි. වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු අයිසීසී ටෙස්ට් පන්දු යවන්නන් අතුරින් ලෝකයේ 8 වැනි ස්ථානයට පැමිණියේය. අසිත අයිසීසී ටෙස්ට් පන්දු යවන්නන් දස දෙනා අතරට පළමු වතාවට පැමිණ සිටීම විශේෂත්වයකි.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ එංගලන්ත පිතිකරු ජෝ රූට් අයිසීසී ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණියේය.

රූට්ගේ ලකුණු 143 සහ 103 ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී තවත් ලකුණු 41ක් ලබා ගැනීමට උපකාර විය. මේ නිසාම ඔහු නවසීලන්තයේ කේන් විලියම්සන්ට වඩා ලකුණු 63ක් ඉදිරියෙන් සිටී. රූට් දැන් ශ්‍රේණිගත කිරීම් ලකුණු 922ක් ලබා සිටින අතර, කේන් විලියම්සන් ලකුණු 859ක් ලබා දෙවැනි තැන සිටී.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here