Home Sport News Room : සත්මස් දරුගැබක් දරාගෙන පැරාලිම්පික් පදක්කම්වලට දුනු විදී

News Room : සත්මස් දරුගැබක් දරාගෙන පැරාලිම්පික් පදක්කම්වලට දුනු විදී

1
0

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් සමත් වූවාය.

මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට දායක වූ ඇය ඉන් පෙර කේවල ඉසව්වකදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. කෙසේ වෙතත් පදක්කම් දිනා ගැනීමට වඩා 31 හැවිරිදි ඇය ගැන විශේෂ අවධානයක් යොමුව තිබුණේ ඇය තනිවම තරගය කිරීමට එක් නොවීම හේතුවෙනි. ඇය තරග බිමට පිවිසියේ මාස හතක දරුගැබැක් දරා සිටින්නියක ලෙසිනි. ඇය සිය දුනු විදීමේ ඉසව්වෙන් 2016 රියෝ ඔලිම්පික් උලෙළේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කමද දිනා ගැනීමට සමත්ව තිබේ.

වේලාසනින් දරු ප්‍රසූතිය සිදු වේ යැයි අනුමාන කරමින් ඇය පැරිසියේ රෝහලක දින කිහිපයක් ගතකර ඇති අතර, පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිනි කාන්තාව ඇය වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් දුෂ්කතරා මැද මෙවැනි දස්කමක් කිරීමට හැකි වීම ගැන තමා සැබවින්ම ආඩම්බර වන බවත්, එය පහසු කටයුත්තක් නොවූ බවත් ඇය තරගයෙන් අනතුරුව පවසා තිබිණි. තමා සහ දරුවා නීරෝගිව සිටින තෙක් තරගයේ රැඳී සිටිය හැකි බව තමා දැන සිටි බවකි ඇය පැවසුවේ “මම බබාට කියනවා ‘ඔයා හිටියා, පැරාලිම්පික් වේදිකාවේ’ කියලා. මමී ඔයාට ආදරෙයි”

මෙවැනිම සිදුවීමක් පසුගියදා නිමා වූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ද සිදු වූ අතර, එවර ඊජිප්තු ජාතික ක්‍රීඩිකාවක වන නාඩා හෆීස් මාස හතක දරුගැබක් සමඟ කඩු හරඹ ක්‍රීඩාව සඳහා තරග බිමට පිවිසියාය. කෙසේ වෙතත් ඇයට අවසන් දහසය දෙනාගේ වටයෙන් ඉවත් වීමට සිදු වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here