Home Sport News Room : ශ්‍රී ලංකා ‘ඒ’ පිල කල් ඇතිවම එක්දින තරගාවලිය ජය...

News Room : ශ්‍රී ලංකා ‘ඒ’ පිල කල් ඇතිවම එක්දින තරගාවලිය ජය ලබයි

1
0

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල හා දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු එක්දින තරගය ලකුණු 93කින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පෙරේදා පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 30කින් ජයගෙන තරග 2-0ක් ලෙස ඉදිරියට පැමිණියේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට ඕවර 50කදී කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 41.1කදී ලකුණු 239කට දවා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. දකුණු අප්‍රිකා ‘ඒ’ ඉනිම කඬා බිඳ දැමූ දුෂාන් හේමන්ත ලකුණු 48කට කඩුලු 5ක් හා වනුජ සහන් ලකුණු 52කට කඩුලු 2ක් බිඳ දැමූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 95කදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 86ක් ලැබූ අතර, සහන් ආරච්චිගේ පන්දු 56කදී හයේ පහරක් හා හතරේ 4ක් සමඟ ලකුණු 52ක් ලබා ගත්තේය. තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ පන්දු 35කදී හයේ හා හතරේ පහර දෙක බැගින් එල්ල කොට ලකුණු 44ක් හා ෂොනාල් දිනූෂ පන්දු 47කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 40ක් එක් කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 7කට ලකුණු 269 (ඕවර 50)

ළහිරු උදාර 86, පසිඳු සූරියබණ්ඩාර 21, සහන් ආරච්චිගේ 52, ෂොනාල් දිනූෂ 40, චමිඳු වික්‍රමසිංහ 44 (ඇන්ඩිල් පෙලුක්වායෝ 51/2, ඇන්ඩිල් සිම්ලේන් 24/2)

දකුණු අප්‍රිකා ‘ඒ’ පිල සියලු දෙනා දැවී ලකුණු 239 (ඕවර 41.1)

මේකාල් ප්‍රින්ස් 44, මැතිව් බ්‍රීට්ස්ක් 74, සෙනුරාන් මුත්තුසාමි 37, ඇන්ඩිල් පෙලුක්වායෝ 24, ඇන්ඩිල් සිම්ලේන් 27 (දුෂාන් හේමන්ත 48/5, වනුජ සහන් 52/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here