Home Sport News Room : ශ්‍රී ලංකාවට එරෙහි වැඩ පෙන්වූ ජෝ රූට් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක්...

News Room : ශ්‍රී ලංකාවට එරෙහි වැඩ පෙන්වූ ජෝ රූට් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කරයි

3
0

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත පිතිකරු ජෝ රූට් විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරු ලෙස පිළිගත් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් වාර්තාවක් සම කරයි.

1928 – 1948 කාලය තුළ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් රැස්කළ ටෙස්ට් ශතක 29න් ශතක 23ක්ම ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් දායකකර තිබූ අතර, ජෝ රූට් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහි රැස්කළ ශතක දෙකත් සමඟ මෙතෙක් වාර්තා කළ ටෙස්ට් ශතක 34න් එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් ශතක 23ක් එක්කොට බැඩ්මන් හා සම විය. මේ ලැයිස්තුවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පසු ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක මැතිව් හේඩන් ද ශතක 23ක් තම රටේ ජයග්‍රහණය වෙනුවෙන් දායක කොට සිටී. මේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්ය. ඔහු ටෙස්ට් දිවියේ රැස් කළ මුළු ශතක 41න් ශතක 30ක්ම ඔස්ට්‍රේලියානු පිලේ ජයග්‍රහණයට හේතු විය. ටෙස්ට් ශතක 31ක් ලබා එයින් ශතක 25ක් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් දායක කළ ස්ටීව් ස්මිත් මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසු වේ. ජෝ රූට් සිටින්නේ ස්මිත්ට පසුවය.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ 6 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවන අතර, එම තරගයේදීද වැඩි අවධානයක් ජෝ රූට් වෙත එල්ලවී තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here