Home Sport News Room : ආම් රෙස්ලින් තේරීම් හෙට පාණදුරේදී

News Room : ආම් රෙස්ලින් තේරීම් හෙට පාණදුරේදී

0
0

ශ්‍රී ලංකා එත්නෝස්පෝර්ට්ස් සම්මේලනය ශ්‍රී ලංකා ආම් රෙස්ලින් කමිටුව සමඟ එක්ව සංවිධානය කරන ආම් රෙස්ලින් (Arm Wres tling) හෙවත් අත් පොර ක්‍රීඩා තේරීම් තරගාවලියක් හෙට (5) පෙ.ව. 10.00ට පාණදුර සුසිලා ෆිට්නස් ආයතනයේදී පැවැත්වේ. විවෘත තේරීම් තරගාවලියක් වන මේ සඳහා පසුගිය තරගාවලි ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, ආම් රෙස්ලින් සඳහා දක්ෂතා දක්වන (දකුණත් සහ වමත්) සැමට ආම් රෙස්ලින් කමිටුව ආරාධනා කර සිටී.

මේ තේරීම් තරගාවලිය ආසියානු තරගාවලිය අරමුණු කර ගනිමින් පැවැත්වෙන අතර, තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඉදිරි ජාත්‍යන්තර තරගාවලි, පුහුණු වැඩමුළු සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දීමටත්, පුහුණු සංචිතයක් තෝරා පත් කර ගැනීමටක් නියමිතය.

ආම් රෙස්ලින් ක්‍රීඩාවේදී දෙදෙනකු අතර තම කාය ශක්තිය, ජවය උරගා බැලීම සිදු කෙරේ. ලෝක ආම් රෙස්ලින් සම්මේලනය, ආසියානු ආම් රෙස්ලින් සම්මේලනය සමඟ ඉන්දීය මහජන ආම් රෙස්ලින් කමිටුව එක්ව සංවිධාන කරන 8 වැනි ආසියානු ආම් රෙස්ලින් කුසලාන තරගාවලිය හා 7 වැනි ආසියානු පැරා ආම් රෙස්ලින් කුසලානය තරගාවලිය ලබන මස 19 වැනිදා සිට 26 දා දක්වා ඉන්දියාවේ මුම්බායි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here