Home Sport News Room : ‘ඒ’ පළමු තරගය දිනූ ශ්‍රී ලංකා පිල අද දෙවැනි...

News Room : ‘ඒ’ පළමු තරගය දිනූ ශ්‍රී ලංකා පිල අද දෙවැනි එක්දින ගැටුමට

0
0

‘සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (2) මෙරට වේලාවෙන් පස්වරු 1.30ට පොචෙස්ට්රූම්හිදී පැවැත්වේ.

දෙපිල අතර පොචෙස්ට්රුම්හිදීම පෙරේදා පැවති පළමු එක්දින තරගය ලකුණු 93කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් වූ අතර, ඒ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටත් ශ්‍රී ලංකා පිලට හැකි විය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 9ක් දැවී ලකුණු 298ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට ඕවර 36.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 205ක් පමණි.

ටොනි ඩී සොර්සි ලකුණු 53ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේ දී වනුජ සහන් සහ දුෂාන් හේමන්ත කඩුලු 3ක් බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 5දී බිඳ වැටුණු අතර, අනතුරුව එක් වූ කමිල් මිෂාර සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 101ක සබඳතාවකින් ඉනිම ගොඩනැඟූහ. කමිල් පන්දු 100කදී හතරේ පහර 9ක් සහ හයේ පහරකින් ලකුණු 71ක් රැස් කළ අතර, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 97ක් රැස් කළේ පන්දු 101කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟිනි.

චමිඳු වික්‍රමසිංහ වේගවත් ලකුණු 55ක් ඉනිමට එක් කළේ පන්දු 39කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි. පන්දු යැවීමේ දී ට්‍රිස්ටන් ලූස් සහ ඇන්ඩිල් ෆෙහ්ලුක්වායෝ කඩුලු 3 බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා සම්මානය නුවනිඳු ප්‍රනාන්දුට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here