Home Sport News Room : ටෙස්ට් ක්‍රිකට් ශක්තිමත් කිරීමට කෝටි 448ක අරමුදලක්

News Room : ටෙස්ට් ක්‍රිකට් ශක්තිමත් කිරීමට කෝටි 448ක අරමුදලක්

0
0

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකානු ඩොලර් මිලියන 15ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 448ක්) අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් සම්මත කරයි. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන ‘බිග් ත්‍රී’ නමින් හඳුන්වන රටවල් තුන හැර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් රටවලට සහ­ායවීම උදෙසා මේ අරමුදල ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාව විසින් යෝජනා කරන ලද මේ අරමුදල පිහිටුවීමේ වැඩපිළිවෙළට මීළඟ අයිසීසී සභාපති වීමට සිටින ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා සහ එංගලන්ත, වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සහාය ලැබී ඇතැයි සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත සඳහන් කළේය.

මෙහි අරමුණ වන්නේ ටෙස්ට් ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රිකට් ආයතනවලට ලාභදායී ෆ්‍රැන්චයිස් ලීග් පවත්වාගෙන යෑම සහතික කිරීමය. අයිසීසීයේ මූලික අරමුණ වන්නේ විවිධ ක්‍රිකට් ආයතනවල ක්‍රීඩකයන්ට ටෙස්ට් තරගවලදී හොඳ තරග ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. මේ වැඩපිළිවෙළින් පසුව සෑම රටකම ටෙස්ට් තරගයක ක්‍රීඩකයකුගේ ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 8ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 29ක්) පමණ වනු ඇතැයි පැවසේ. නව අයිසීසී සභාපති ජේ ෂා මහතා වැඩ භාර ගැනීමෙන් පසු මෙය න්‍යාය පත්‍රයට යොමුවනු ඇතැයි විශ්වාස කෙරේ.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here