Home Sport News Room : ෂකීබ් ඉවත්කරන ලෙස පාලක මණ්ඩලයට නොතීසියක්

News Room : ෂකීබ් ඉවත්කරන ලෙස පාලක මණ්ඩලයට නොතීසියක්

0
0

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් වහාම ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවලින් ඉවත් කරන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට නොතීසියක් ලැබී තිබේ. මීට දින කිහිපයකට පෙර ෂකීබ්ට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ චෝදනා එල්ල විය.

ෂකීබ් අල් හසන් එරට ඇඟලුම් සේවිකාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට උසි ගැන්වීම් හා අනුබල දුන් බවට චෝදනා කරමින් අඩබාර් පොලිස් ස්ථානයේ මිනීමැරුම් නඩුවක් පවරා තිබේ. ෂකීබ් අල් හසන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු 156 දෙනකුට මෙම චෝදනා එල්ල කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන් මෙම චූදිතයින් අතර 28 වැනියා ලෙස නම්කොට තිබේ. වෙඩි තැබිමෙන් මියගිය රුබෙල්ගේ පියා වන රෆිකුල් ඉස්ලාම් පැමිණිලිකරු ලෙස නඩුව ගොනු කර ඇත. මෙම දැනුම්දීම මත බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් පවසා ඇත්තේ ෂකීබ් අල් හසන්ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව තීරණය කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here