22
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ඌව පළාත් පාසල් කරාතේ තරගාවලියේදී මැදගම ජාතික පාසල රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් සමඟින් ජයග්‍රහණ තුනක් හිමිකර ගත්තේය. පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී මෙම තරග පැවැත්විණි.
එහිදී (වමේ සිට පිළිවෙළින්) අවුරුදු 18න් පහළ කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ප්‍රථම ස්ථානය ආර්.එම් විරුල් කෙම්සිත, අවුරුදු 16න් පහළ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ දෙවන ස්ථානය ආර්.එම් නිර්මාල් සස්මිත, අවුරුදු 20න් පහළ 67 බර පන්තියේ දෙවන ස්ථානය අයි.පසිඳු රණවීර යන ක්‍රීඩකයන් දිනාගත් අතර එම ක්‍රීඩකයන් ඡායාරූපයේ සිටිති.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ