Home Sport News Room : කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක කාලසටහන ප්‍රකාශයට පත් කරයි

News Room : කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක කාලසටහන ප්‍රකාශයට පත් කරයි

0
0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබෙයි.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අතර මූලික වටයේ තරග A හා B ලෙස කාණ්ඩ 2කින් සමන්විතයි.

ඒ අනුව A කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත.

එමෙන්ම B කාණ්ඩයට දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත් වෙයි

2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 03 වනදා ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here