9
කොළඹ මහනාම විදුහල සංවිධාන කළ අවුරුදු 16න් පහළ ‘Colombo Slams‘ බාස්කට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක මහනාම විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.
එම විදුහලේ බාස්කට්බෝල් පිටියේ පසුගියදා පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී කේරී විදුහල් පිලට එරෙහිව ලකුණු 55-41 ක ජයක් වාර්තා කරමින් මහනාම විදුහල් පිල ශූරතාවට හිමිකම් කීවේය. තරග 15කින් සමන්විත වූ ‘Colombo Slams‘ බාස්කට්බෝල් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස මහනාම විදුහල් පිලේ තරුන් දම්සිළු සිල්වා සම්මාන දිනූ අතර, එම විදුහල් පිලේ හිමරු කරුණාරත්න තරගාවලියේ හොඳම ප්‍රහාරක ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගත්තේය.
තරගාවලියේ හොඳම ආරක්ෂක ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගනු ලැබුවේ කේරී විදුහල් පිලේ අබ්දුල් ෂාහිඩ් විසිනි.
ජයග්‍රාහී මහනාම විදුහල් පිලේ නායකයා ලෙස චේතික සසුන් නෙත්මිර කටයුතු කළ අතර, තරුන් දම්සිළු සිල්වා කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළේය.
ආනන්ද, නාලන්ද, තර්ස්ටන්, කේරී සමඟ මහනාම විදුහල් පිල තරගාවලියට සහභාගි වූ අතර, අවසන් තරගයේ ආරාධිතයන් ලෙස මහනාම විදුහල්පති ප්‍රභාත් විතානගේ, ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමයේ ලේකම් ජයන්තා බණ්ඩාර, විදුහලේ බාස්කට්බෝල් ප්‍රධාන පුහුණුකරු රවී දොඩංගොඩ, සහාය පුහුණුකරු චමින්ද අමරතුංග මහත්ම මහත්මිහු සමඟ විදුහලේ කළමනාකරණ මණ්ඩලයේ හා ක්‍රීඩා පරිපාලන, ආදි සිසු සංගමයේ සාමාජිකයන්, ආචාර්ය මණ්ඩලය සමඟ මවුපියෝ ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.