Home World News Room : ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක චීනයට

News Room : ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක චීනයට

1
0

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීනයට පැමිණෙයි. හෙතෙම අද(27) පස්වරුවේ බෙයිජිං අගනුවරට ළඟාවිය.

චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුව, හෙතෙම අද (27) සිට 29 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇත. එසේම, චීන -ඇමරිකානු උපායමාර්ගික අදහස් හුවමාරු කිරීමේ නව වටයට ද Jake Sullivan මහතා සහභාගි වීමට නියමිත ය.

ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ ආරක්ෂක උපදේශකවරයකු චීනයට පැමිණියේ වසර 8 කට පසුව යි. මෙම සංචාරය, Jake Sullivan මහතා මෙම ධුරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම චීන සංචාරය ද වේ. එමෙන්ම එය දෙරට නායකයන් Los Angeles හමුවේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here