Home World News Room : සොරකමේ ගොස් පොතකට වහල් වූ සොරා ඉතාලියේ පොලිසියට කොටුවෙයි

News Room : සොරකමේ ගොස් පොතකට වහල් වූ සොරා ඉතාලියේ පොලිසියට කොටුවෙයි

1
0

පොතකට වහල් වී එය කියවමින් සිටියදී අතටම අසුවූ සොරකු පිළිබඳ අපූරු පුවතක් ඉතාලියෙන් වාර්තා විය. පසුගියදා රාත්‍රියක ඉතාලි අගනුවර නේවාසික ගොඩනැඟිල්ලක පිහිටි නිවෙසකට ඇතුළු වී සොරකමේ නිරතවන විට එහි කුටියක තිබූ ග්‍රීකයේ මහා කවි හෝමර් විසින් ඉලියඩ් වීර කාව්‍ය කෘතිය දැක නිවෙසේ සඳළුතලයට වී එය කියවමින් සිටියදී ඔහු හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

38 හැවිරිදි මේ පුද්ගලයා සඳළුතලයට වී පොතක් කියවමින් සිටිනු ගෙහිමියා දැක ඇති අතර, ඒ බව පොලිසියට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ගෙහිමියා දැකීමෙන් පසු එම සඳළුතලයෙන් පැන පලායෑමට උත්සාහ කළ සොරා පසුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ පුවත පිළිබඳ තොරතුරු වාර්තාවීමෙන් පසු එම කෘතිය ඉතාලි බසට පරිවර්තනය කරනු ලැබූ ලේඛකයා ප්‍රකාශ කර ඇත්තේ සොරාට එය අවසානය වනතෙක් කියැවීමට නොහැකි වූ බැවින් පොතේ පිටපතක් ඔහුට යැවීමට කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here