Home World News Room : ඉතිහාසයේ පළමුවතාවට ඉන්දීය නායකයෙක් යුක්රේනයේ

News Room : ඉතිහාසයේ පළමුවතාවට ඉන්දීය නායකයෙක් යුක්රේනයේ

1
0

වසර 1991දී නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු යුක්රේනයේ සංචාරය කළ පළමු ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ සමීපතම මිතුරකු වන ඉන්දියාව එහි ප්‍රතිවාදී රටෙහි සංචාරය කිරිම ජාත්‍යන්තර මාධ්‍ය හා ලෝක රාජ්‍ය නායකයන්ගේ දැඩි අවධානයට ලක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය රුසියාව හා යුක්රේනය අතර සාමය ස්ථාපිත කිරීම අරමුණු කරමින් සිදුවූවාක් නොවන බවත්, එය ඉන්දියාවේ ජාත්‍යන්තර සම්බන්ධතා ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අනාගත හැඩගැස්වීමක් බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාව වැනි ලොව දකුණු කලාපයේ ප්‍රබල රටක රාජ්‍ය නායකයකු යුක්රේනයේ සංචාරය කිරීමට තීරණය කිරීම යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්සිගේ සතුටට කරුණක් වූ බවත්, යුද්ධය ගැන ලොව දකුණු කලාපයේ ස්ථාවරය මෝදිගේ සංචාරයෙන් පසු වෙනස් වනු ඇතැයි සෙලෙස්කිගේ අපේක්ෂාව වී ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here