Home World News Room : පිලි­පීන බුද්ධි අංශය චීන මාධ්‍ය­වේ­දි­යෙක් පසු­පස

News Room : පිලි­පීන බුද්ධි අංශය චීන මාධ්‍ය­වේ­දි­යෙක් පසු­පස

1
0

පිලි­පී­නයේ මැනිලා අග­නු­වර කේන්ද්‍ර කර­ගත් චීන මාධ්‍ය­වේ­දි­යකු එරට ඔත්තු­ක­රු­වෙක් බවට සැක කරන බවට එරට ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලයේ සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් ජොන­තන් මලයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ පිළි­බඳ විම­ර්ශ­නය කර­මින් සිටින බවත්, රහ­සි­ගත මෙහෙ­යුම් සඳහා සිය රට ඉලක්ක කර­මින් ඔහු කට­යුතු කරන බවට තොර­තුරු ලැබී ඇති බවත් පිලි­පී­නයේ ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලයේ සහ­කාර ප්‍රධා­නියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

වසර 2021 සිට මේ වසර දක්වා වෙනි­හුයි ඩේලි පුව­ත්පතේ මැනිලා කාර්යාං­ශයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කර ඇති සැං ස්ටීව් සොං නමැති එම මාධ්‍ය­වේ­දියා පිළි­බඳ කරුණු එක්රැස් කිරී­මෙන් පසු ඔහු චීනයේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ නියෝ­ජි­ත­යකු බවට පිලි­පී­නයේ බුද්ධි අංශ තහ­වුරු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඔහු පිලි­පී­නයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකි­යාවේ නිර­තව සිටින විදේ­ශීය මාධ්‍ය­වේ­දීන්ගේ අන­න්‍ය­තාව අධී­ක්ෂ­ණය කරන රජයේ ඒජ­න්සිය වන ජාත්‍ය­න්තර මාධ්‍ය මධ්‍ය­ස්ථා­නයේ ද ලියා­ප­දිංචි පුද්ග­ල­යකු නොවන බව එරට රැප්ලර් පුවත් සේවය වාර්තා කළේය. මේ වන විට පිලි­පීන රජය ඔහුට එරෙ­හිව නීති­මය වශ­යෙන් කට­යුතු කිරීමේ හැකි­යාව පිළි­බඳ සොයා බල­මින් සිටින බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here