Home World News Room : ඉන්දීය අග­මැ­ති­ගෙන් නෙත­න්යා­හුට දුර­ක­තන ඇම­තු­මක්

News Room : ඉන්දීය අග­මැ­ති­ගෙන් නෙත­න්යා­හුට දුර­ක­තන ඇම­තු­මක්

1
0

ගාසා තීරයේ හමාස් සංවි­ධා­න­යට එරෙහි යුද්ධය සාම­කා­මීව විස­ඳීමේ අව­ශ්‍ය­තාව ඉස්මතු කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට දුර­ක­තන ඇම­තු­මක් මගින් කරුණු පෙන්වා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ ගැටුම සංවා­දය හා රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය තුළින් ඉක්මන් හා සාම­කා­මීව විස­ඳීමේ අව­ශ්‍ය­තාව පෙන්වා දෙමින් ඉන්දීය අග­මැ­ති­ව­රයා එම දුර­ක­තන සංවා­දය සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 7 වැනිදා පල­ස්තී­නයේ හමාස් සංවි­ධා­නය ඊශ්‍රා­ය­ල­යට කඩා වැදී පුද්ග­ල­යන් 1200ක් පමණ ඝාත­නය කර­මින් ද, ඊශ්‍රා­ය­ල­යට අනුව 250 දෙනකු ප්‍රාණ ඇප­යට තබා සිටි­මින් ද ආරම්භ කළ ගාසා යුද්ධ­යේදී හමාස් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් 17,000ක් ඝාත­නය කිරී­මට හමු­දාව සමත්වූ බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර තිබේ. ප්‍රාණ ඇප­යට ගත් සිය­ලු­දෙනා වහාම නිද­හස් කරන ලෙසත්, ගාසා තීර­යට මානු­ෂීය ආධාර අඛ­ණ්ඩව සැප­යීම සිදු කරන ලෙසත් ඉන්දීය අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ඉල්ලා සිටි බව වාර්තා වේ.

දෙරටේ නාය­ක­යන් අතර පැවැති එම දුර­ක­තන සංවා­ද­යේදී ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තා­වයේ විවිධ අංශ හා ඉන්දීය- ඊශ්‍රා­යල උපායමාර්ගික හවු­ල්කා­රී­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ ක්‍රමෝ­පා­යන් සම්බ­න්ධ­යෙන් ද නාය­ක­යන් දෙදෙනා සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here