Home Sport News Room : ඌව එල්ලේ ශූරයෝ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව විදුහලෙන්

News Room : ඌව එල්ලේ ශූරයෝ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව විදුහලෙන්

1
0

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කළ පාසල් ක්‍රීඩා තරගාවලියේදී එල්ලේ පිරිමි සහ කාන්තා ශූරතා මොනරාගල අධ්‍යාපන කලාපයේ අතිදුෂ්කර පාසලක් වන සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලය හිමි කර ගෙන තිබේ. මේ තරගාවලියේ එල්ලේ පිරිමි අනුශූරතාව මොනරාගල කුඹුක්කන මහා විද්‍යාලයත් කාන්තා අනුශූරතාව බණ්ඩාරවෙල මහා විද්‍යාලයත් හිමි කර ගත්තේය.

ශූරතාව හිමිකරගත් කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ විදුහල්පති සුදත්සිරි දර්ශන මහතාගේ මඟපෙන්වීම මත ක්‍රීඩා ආචාර්ය සුදත් බණ්ඩාර, ක්‍රීඩා පුහුණුකරු ආර්.එම් ළහිරු සම්පත් යන මහත්වරුන් පුහුණුව ලබාදී තිබේ.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here