Home World News Room : වඳුරු උණ රෝගියෙක් පිලිපීනයෙන් – දිනමිණ

News Room : වඳුරු උණ රෝගියෙක් පිලිපීනයෙන් – දිනමිණ

0
0

විදෙස් රටවල සංචාරය කිරීමේ ඉතිහාස වාර්තාවක් නොමැතිව වඳුරු උණ ආසාදනය වූ පුද්ගලයකු හඳුනාගත් බවට පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 33 හැවිරිදි පිරිමි පුද්ගලයකු වන ආසාදිතයාට වයිරසය වැලඳුණු ආකාරය අභිරහස් බව ද එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නිවේදනයක් නිකුත් කරමින් පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සතියකට වැඩි කාලයක් උණ රෝගයට ගොදුරු වී සිටි එම පුද්ගලයාගේ මුහුණේ සහ සිරුරේ තැනින් තැන ලප හා කුෂ්ඨ මතුවී ඇති බවය.

මේ වන විට එම රෝගියා රජයේ රෝහලක දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. වඳුරු උණ වයිරසය සමීපව ඇසුරු කරන පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වැලඳෙන බැවින් අදාළ රෝගියා ඇසුරු කරන සෙසු පුද්ගලයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ ඔවුන් හඳුනා ගැනීමට පිලිපීනයේ සෞඛ්‍ය අංශය මේ වනවිට කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here