Home Sport News Room : බුම්රාව කොපි කරන ලේඩි බුම්රා

News Room : බුම්රාව කොපි කරන ලේඩි බුම්රා

1
0

 

ඉන්දීය වේග පන්දු යවන ජස්ප්‍රිත් බුම්රාගේ සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්ව අනුකරණය කරමින් වේග පන්දු යවන පාසල් සිසුවියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීමත් සමඟ විශාල කතිකාවක් නිර්මාණය වෙයි. බැංගලෝර් නැ‌‌ෙඟනහිර දිල්ලි පොදු පාසලේ නැගී එන ක්‍රීඩිකාවක් වූ මයිරා ජේන්ගේ මෙම දක්ෂතාව සමඟ ‘ලේඩි බුම්රා‘ නමින් ක්‍රිකට් ප්‍රජාව තුළ රැල්ලක් ඇතිවෙමින් පවතී.

පාසල් ඇඳුමෙන් සැරසී සිටින මෙම දැරිය බුම්රාගේ දැඩි රසිකයෙක් වන අතර ඔහුගේ ශෛලියට පන්දු යැවීමට ප්‍රිය කරයි. බුම්රාගේ කෙටි දිවීම සහ වේගවත් අත් චලනය මනාව අනුකරණය කරන ඇය, ඔහුගේ අද්විතීය පන්දු යැවීමේ විලාසය ප්‍රතිනිර්මාණය කිරීමෙන් රසිකයින්ගේ හදවත් දිනාගෙන සිටී. එබැවින් වයිරස් වෙමින් පවතින වීඩියෝව නරඹන සියල්ල ‘ලේඩි බුම්රා’ නමින් ඇයව ඇමැතීමට පටන්ගෙන තිබේ.

ජස්ප්‍රිත් බුම්රා මේ වන විට ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නන්ගෙන් කෙනෙකි. ඔහුගේ ප්‍රබල පන්දු යැවීම නිසා ඉන්දියාව විස්සයි20 ලෝක කුසලානය දිනා ගත්තේය.

 

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here