Home World News Room : ඉන්ඩියානා ජෝන්ස් හිස්වැස්ම ඩොලර් ලක්ෂ 6කට අලෙවි වෙයි

News Room : ඉන්ඩියානා ජෝන්ස් හිස්වැස්ම ඩොලර් ලක්ෂ 6කට අලෙවි වෙයි

5
0

අසූව දශකයේ බටහිර සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටමාලාවේ දෙවැන්න වූ ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටයේ සුප්‍රකට නළු හැරිසන් ෆෝර්ඩ් විසින් පලඳිනු ලැබූ හිස්වැස්ම පසුගියදා වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් හයලක්ෂ තිස්දහසක මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර එම වෙන්දේසිය පැවති බවත්, එහිදී ස්ටාර් වෝර්ස්, හැරී පොටර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහා භාවිත කළ තවත් උපකරණ හා ආම්පන්න රැසක් ද වෙන්දේසි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here