Home World News Room : ඉතාලි මුහුදේදී ටොනේඩෝවකට හසුවී සංචාරක යාත්‍රාවක් ගිලෙයි

News Room : ඉතාලි මුහුදේදී ටොනේඩෝවකට හසුවී සංචාරක යාත්‍රාවක් ගිලෙයි

0
0

ඉතාලියේ සිසිලි දූපත් මුහුදු සීමාවේදී පුද්ගලයන් 22 දෙනකු රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීම හේතුවෙන් 7 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි ගමන් ගත් පුද්ගලයන් 15 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂක භටයන් සමත් වී ඇති අතර, ඒ අතර ශ්‍රී ලාංකිකයකු ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බ්‍රිතාන්‍ය ධජය සහිත එම යාත්‍රාවේ වැඩිදෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර, බේරා ගත් අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 10 දෙනකු, ප්‍රංශ පුරවැසිභාවය ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකු, අයර්ලන්ත හා නවසීලන්ත ජාතිකයකු ද සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

මීටර් 49ක් දිගැති එම යාත්‍රාව ටොනේඩෝවකට හසුවීමෙන් ගිලෙන්නට ඇති බවට ඉතාලි වෙරළාරක්ෂක බළකාය අනුමාන කර ඇති අතර, අතුරුදන්වූ පුද්ගලයන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. යාත්‍රාව අනතුරට පත් වූ ස්ථානය මීටර් 50කට වඩා ගැඹුරු බවත්, අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් සඳහා කිමිදුම්කරුවන් යොදා ගෙන ඇතැයි ද වාර්තා වේ. අතුරුදන් වූ පුද්ගලයන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් සිව්දෙනකු, කැනේඩියානු ජාතිකයකු හා අමෙරිකානු ජාතිකයන් දෙදෙනකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here