බටහිර පැසිෆික් සාගරයේ සිය පැවැත්ම තහවුරු කිරීමේ උපාය මාර්ගික පියවරක් ලෙස ලබන ඔක්තෝබරයේ සිට ගුවාම් රාජ්‍යයේ මුහුදු සීමාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ස්ථානගත කිරීමට අමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අධිතාක්ෂණයෙන් යුතු වේගවත් සබ්මැරීනයක් ඒ සඳහා භාවිත කිරීමට අමෙරිකාවේ අවධානය යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම සබ්මැරීන වර්ගය දැනට ස්ථානගත කර ඇත්තේ හවායි මුහුදු තීරයේ වන අතර, පැසිෆික් කලාපයේ ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ඕනෑම සතුරු ප්‍රහාරයක් මැඬ පැවැත්වීමේ අරමුණින් අමෙරිකාව මේ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. එවැනි සබ්මැරීනයක් පැසිෆික් මුහුදු සීමාවේ ස්ථානගත කරන පළමු අවස්ථාව මෙය බවත්, ඉන්දු -පැසිෆික් සාගර කලාපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් අමෙරිකාව මේ තීරණය ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
The post පළමුවරට පැසිෆික් සාගරයට අමෙරිකානු සබ්මැරීනයක් appeared first on දිනමිණ.