16
අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (16) කොළඹ මැලේ ක්රිකට් සමාජ ක්රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී පසුගිය ශූර කොළඹ රාජකීය විදුහල සමඟින් කොළඹ වෙස්ලි විදුහල තරග වදියි.
පළමු වටයේ තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට එක්වූ කොළඹ රාජකීය විදුහල එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලත්, තෙවැනි වටයේදී ගාල්ල මහින්ද විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට එක්විය. එම වටයේදී මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල පරදවමින් ඔවුහු මේ තරගයට සුදුසුකම් ලැබූහ.
කොළඹ වෙස්ලි විදුහල ද පළමු වටයේ තම කාණ්ඩයේ ශූරයන් වූ අතර, දෙවැනි වටයේදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලත්, තෙවැනි වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලත් පරදවා අර්ධ අවසන් වටයට පිවිසි වෙස්ලි පිල එහිදී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල පරාජය කළේය. රාජකීය පිල දුෂේන් උඩවෙල මෙහෙයවන අතර, බිනෝත් සන්දිල් වෙස්ලි පිල මෙහෙයවයි.
ඉෂානි යද්දෙහි









