13
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම, ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා සමාගම සමඟ එක්ව සංවිධාන කරන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ අද කොළඹදී අතිඋත්කර්ෂවත්ව ආරම්භ වෙයි.
මේ 18 වැනිදා දක්වා පැවැත්වෙන මේ ක්‍රීඩා සැණකෙළිය මෙරටදී එතෙක් මෙතෙක් පැවති දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය වන අතර, දකුණු ආසියාවේ මෙවැනි ක්‍රීඩා උලෙළක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.
මේ ක්‍රීඩා සැණකෙළියකට ක්‍රිකට්, රග්බි, වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු, බාස්කට්බෝල් සහ හොකී යන ක්‍රීඩා ඇතුළත්ව තිබේ.
මේ යටතේ ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග කොළඹ 7 ගුවන් හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්වේ. අවුරුදු 25න් පහළ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙය ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 අතර අද (16) ක්‍රිකට් තරග යටතේ දහයයි10 තරගාවලියක් පැවැත්වෙන අතර, රග්බි තරගාවලිය ගුවන් හමුදාපති කුසලාන වෙනුවෙන් කොළඹ 7 තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එය පිරිමි, කාන්තා සහ අවුරුදු 16න් පහළ පාසල් බාලක ආදී ලෙසින් තරග අංශ තුනකින් සත් සාමාජික තරගාවලියක් ලෙස පැවත්වෙනු ඇත.
හොකී තරගාවලිය ජනාධිපති රන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන්නේ කණ්ඩායම් 65ක සහභාගිත්වයෙනි. එය කොළඹ 7 පදනම් මාවතේ පිහිටි කෘත්‍රිම හොකී පිටියේ පැවැත්වෙන අතර, එහිදී ජ්‍යෙෂ්ඨ අංශයෙන් පිරිමි කණ්ඩායම් 17ක් සහ කාන්තා කණ්ඩායම් 16ක් තරග වදී. එයට සමගාමීව අවුරුදු 20න් පහළ පාසල් තරගාවලියට කණ්ඩායම් 16 බැගින් සහභාගිවීමට නියමිතය.
බාස්කට්බෝල් තරගාවලිය 3 x 3 ලෙස කොළඹ 7 ශ්‍රී ලංකා බාස්කට්බෝල් සම්මේලන 3 x 3 පිටියේදී කණ්ඩායම් 34ක සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. මේ සඳහා පිරිමි කණ්ඩායම් 24ක් සහ කාන්තා කණ්ඩායම් 10ක් සහභාගී වේ. පාපන්දු තරග මිනි පාපන්දු තරගාවලියක් ලෙස පැවැත්වෙන්නේ කොළඹ 7 තුරඟ තරග පිටියේදීය. ජ්‍යෙෂ්ඨ පිරිමි සහ යොවුන් බාලක ලෙස පැවැත්වෙන මේ තරගාවලිය සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතව පැවැත්වෙන අතර, පිරිමි අංශයේදී ප්රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 12ක් සහ පාසල් තරගාවලියේදී කණ්ඩායම් 6ක් තරග වදිනු ඇත. ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී කණ්ඩායම් 20කගේ සහභාගිත්වයෙන් යොවුන් නෙට්බෝල් තරගාවලිය පැවැත්වීමට නියමිතය.