25
අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී කොල්ලුපිටිය සාන්ත තෝමස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට ලයිසියම් පිලට හැකි විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් පූර්ව වටයේදී පසුගිය ශූර කොළඹ රාජකීය විදුහල් ‘බී’ පිල සමඟින් තරග වැදීමට නියමිතය.
මේ තරගයේදී ලයිසියම් පිල වෙනුවෙන් ශනුක් ජයවර්ධන තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
වත්තල ලයිසියම් පළමු ඉනිම – 251/7 (ඕවර 50) ශෂිදු සිල්වා 67, ශනුක් ජයවර්ධන 60, තිනුක ජයසුන්දර 37, තසිත් තනුවර 20 (රේඩ්න් ජයසිංහ 38/3, ජනිත් පැහැසර 52/3)
කොල්ලුපිටිය සාන්ත තෝමස් පළමු ඉනිම – 125 (ඕවර 34.2) විහාන් ජේඩ්න් 31 (ශනුක් ජයවර්ධන 20/4, තසිත් තනුවර 27/2)
ඉෂානි යද්දෙහි









