Home Sport News Room : බිබිල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට ක්‍රිකට් ශූර­තාව

News Room : බිබිල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට ක්‍රිකට් ශූර­තාව

1
0

බිබිල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය තුළ පිහිටි රාජ්‍ය ආය­ත­න­වල සුහ­ද­තා­වය වර්ධ­නය කිරීමේ අර­මු­ණින් සංවි­ධාන කළ අන්තර් රාජ්‍ය ආය­තන සුහද ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට බිබිල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල පිල සමත් විය.

බිබිල මහ­ජන ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගා­ව­ලි­යේදී කණ්ඩා­යම් 10ක් ලීග් ක්‍රම­යට තරග වැදුණු අතර, අව­සන් තර­ගය බිබිල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල ක්‍රිකට් කණ්ඩා­යම සහ මහා­චාර්ය සේනක බිබිලේ අනු­ස්ම­රණ රෝහල් කණ්ඩා­යම අතර පැවැ­ත්විණි.

බිබිල ප්‍රාදේ­ශීය ලේකම් කපිල බණ්ඩාර මහතා සංවි­ධාන කළ තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය හිටපු ඇමති ගාමිණී විජිත් විජ­ය­මුණි සොයිසා මහතා අතින් සිදු කෙරිණි.

 

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණ­ති­ලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here