Home Sport News Room : 17න් පහළ පළමු කොටසේ අවසන් පූර්ව තරග අද

News Room : 17න් පහළ පළමු කොටසේ අවසන් පූර්ව තරග අද

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (14) පැවැත්වේ.

එහිදී මහනුවර විද්‍යාර්ථ සහ කොළඹ රාජකීය විදුහල් අතර තරගය කොළඹ වෙස්ලි විදුහල් පිටියේදීත්, බම්බලපිටිය සාන්ත පීතර සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල් අතර අවසන් පූර්ව තරගය කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

විද්‍යාර්ථ – කොළඹ

මහනුවර විද්‍යාර්ථ විදුහල මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙසින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ආනන්ද විදුහල පරාජය කළ විද්‍යාර්ථ ක්‍රීඩකයෝ තෙවැනි වටයේදී පසුගිය ශූර කඳාන දි මැසිනොද් විදුහල පරාජය කිරීමට සමත්ව තිබිණි.

තෙවැනි වටයේදී ගාල්ල මහින්ද විදුහල පරාජය කළ කොළඹ රාජකීය විදුහල අර්ධ අවසන් පූර්ව තරගයේදී කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල පරාජය කළේය.

විද්‍යාර්ථ විද්‍යාල පිල ෂෙවාන් කණිසස් විසින් ද, රාජකීය පිල රෙහාන් පීරිස් විසින් ද මෙහෙයවනු ලබති.

විද්‍යාර්ථ සංචිතය: ෂෙවාන් කණිසස් (නායක), කවිඳු හෙට්ටිආරච්චි, යස්මිත දිසානායක, අනුහස් රණවීර, ඕෂධ ජයරත්න, ඉෂාන් දොඩංගොල්ල, චෙනුල් ජයවික්‍රම, දුමිෂ්ක දිසානායක, කාවින්ද ජයවර්ධන, මනුත් මින්දිය, නවීන් රත්නායක, ඔෂාන් සිල්වා, පමුදිත සමරකෝන්, පේෂල සෙනෙවිරත්න, සචින්ත මුණුගොඩ, සඳුල හේරත්, තනූෂ අඟුණවල, විසල් විද්‍යාරත්න, සංජීව ඒකනායක

(ක්‍රිකට් භාර ආචාර්ය), චම්පික සිරිවර්ධන (ප්‍රධාන පුහුණුකරු), කවිෂ්ක හපුගොඩ (සහාය පුහුණුකරු).

රාජකීය සංචිතය: රෙහාන් පීරිස් (නායක), යසිඳු දිසානායක, තෙවිඳු වේවැල්වල, රයන් සුගතදාස, තරුල් අම්පෙමොහොට්ටි, ෂේන් අබේරත්න, හිරුන් ලියනාරච්චි, ඔෂාන් සුලක්ෂණ, සෙහඳු සූරියආරච්චි, තරුල් මින්තුල, උෂිත ඉලෙප්පෙරුම, දිනෙත් වේරගොඩ, සහස් විජේවර්ධන, සංකේත් සමරසිංහ, තිනුක් චන්දුල්, නදිඳු නන්දිත, තරිඳු ජයසේකර, නවීඩ් අස්මි, සරත් දීගල (කණ්ඩායම් භාර ආචාර්ය), රශාන් පීරිස් (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු).

කටුගස්තොට සාන්ත අන්තෝනි – බම්බලපිටිය සාන්ත පීතර

අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ත්‍රිත්ව විදුහල පරදවමින් බම්බලපිටිය සාන්ත පීතර විදුහලත්, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරදවමින් කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඔකිත ප්‍රනාන්දු සාන්ත අන්තෝනි පිලට නායකත්වය දෙන අතර, සාන්ත පීතර පිල ජොශුවා සෙබස්තියන් විසින් මෙහෙයවනු ලබයි.

සාන්ත අන්තෝනි සංචිතය: ඔකිත ප්‍රනාන්දු (නායක), කෞශික කුමාරසිංහ (උප නායක), සදෙව් අමරකෝන්, යොහාන් සේනානායක, සනුක කල්පන, ටිෂාන් ප්‍රනාන්දු, රයන් ග්‍රෙගරි, දිනුල් විජේසිංහ, කවීෂ් සමරතුංග, හංසන එදිරිසිංහ, හසඳ සේතුංග, ඉමෙත් රාජපක්ෂ, ප්‍රවීන් ගමගේ, චමල්ක ඉෂාන්, මොහොමඩ් අබ්දුල්ලා, බන්දුල ඒකනායක (ක්‍රිකට් භාර ආචාර්ය), කාවින්ද ජයසූරිය (ප්‍රධාන පුහුණුකරු), ළහිරු සඳකැලුම් (සහාය පුහුණුකරු), ප්‍රියන්ත කුමාර (අභ්‍යාසක).

සාන්ත පීතර සංචිතය: ජොශුවා සෙබස්තියන් (නායක), හිරුක සිල්වා, සඳරු මීදුම්, ජේසන් ප්‍රනාන්දු, රෆායෙල් හෙට්ටිගේ, ඕෂධ අකලංක, රෙහාන් සොයිසා, රවීන් ගුණවර්ධන, දින්සර රත්නවීර, ජනිත් පණ්ඩිතරත්න, කේෂාන් හෙට්ටිආරච්චි, ඔකිඳ තෙව්නද, රියොන් ප්‍රනාන්දු, විනේෂ් රණසිංහ, රුමිත ජයසිංහ, නිර්මලත් ප්‍රියදර්ශන (කණ්ඩායම් භාර ආචාර්ය), මොහාන් ලියනගේ (ප්‍රධාන පුහුණුකරු), තුෂාර මධුසංක (සහාය පුහුණුකරු).

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here