Home World News Room : මකුණන් රටට ඇතුළු වීම වැළැක්වීමට කොරියාවෙන් ගුවන්තොටුපොළේදීම පියවර

News Room : මකුණන් රටට ඇතුළු වීම වැළැක්වීමට කොරියාවෙන් ගුවන්තොටුපොළේදීම පියවර

0
0

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පැරිස් නුවර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් නැවත පැමිණෙන විට මකුණන් වැනි කෘමීන් රටට ඇතුළු වීම අවම කිරීම සඳහා දකුණු කොරියානු රජය ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මකුණන් හඳුනා ගැනීමට විශේෂයෙන් පුහුණු වූ සුනඛයකු යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ආරක්ෂක සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන පෞද්ගලික සමාගමකට අයත් බීගල් වර්ගයේ එම සුනඛයා සෙකෝ නමින් හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එරට කෘමීන් පාලනය සම්බන්ධ සමාගමක් වන සෙස්කෝ සමාගම ප්‍රකාශ කර ඇත්තේ මකුණන් විසින් නිකුත් කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් වන ෆෙරමෝනවල ගන්ධය හඳුනා ගැනීමට සෙකෝට කදිම ඉවක් ඇති බවය. එමෙන්ම මෙවැනි කාර්යයකට දකුණු කොරියාවේ පුහුණු කරනු ලැබූ පළමු හා එකම සුනඛයා ද සෙකෝ බව එම සමාගම සඳහන් කර තිබේ.

රටවල් විශාල සංඛ්‍යාවකින් සංචාරකයන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්රොක් වන ගෝලීය ක්‍රීඩා ඉසව්වක් වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මකුණන් වැනි කෘමීන් පැතිරීමට ඉඩකඩ ඇති බැවින්, එවැනි උවදුරු සිය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බව දකුණු කොරියානු රජය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here