Home Sport News Room : දිනුකට ආසියානු බේස් බෝල් තරගාවලිය සිහිනයක් වෙයි?

News Room : දිනුකට ආසියානු බේස් බෝල් තරගාවලිය සිහිනයක් වෙයි?

1
0

තායිවානයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු බේස්බෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගැනීමට දඹුල්ල වෑවල වැව මහ විද්‍යාලයේ ඩී.ජේ. දිනුක සංදීප සමත්ව සිටී.

කෙසේ වෙතත් මේ තරගාවලියට එක්වීම සඳහා ගුවන් ටිකට්පත් මිල සහ අවශ්‍ය අනෙකුත් වියදම් සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම නිසා දිනුකට මේ තරගාවලිය සිහිනයක් වීමට ඉඩ ඇතැයි ඔහුගේ මවුපියෝ පවසති.

මෙරට ප්‍රධාන පෙළේ පාසල් රැසක ක්‍රීඩකයන් අතුරින් දක්ෂතම ක්‍රීඩකයන් 18 දෙනකු මේ තරගාවලියට තෝරාගෙන ඇති අතර, ඒ අතරට එක්වීමට දඹුල්ල ප්‍රදේශයේ ඉතාම දුෂ්කරතා සහිත ගම්මානයක් වන වෑවල වැව ගම්මානයේ ජීවත්වන ආර්ථික දුෂ්කරතාවලින් හෙබි පවුල් දෙකක දරුවන් දෙදෙනකු තෝරා ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ ක්‍රීඩකයන් තේරීමේ මූලික වටයේදී රුපියල් තිස්පන්දහසක මුදල ගෙවා ගැනීමට නොහැකිවීමෙන් වෑවල වැව එක් ක්‍රීඩකයෙක් අතරමඟ නැවතී ඇත. එහෙත් දිනුකගේ මව්පියන් මේ තරගාවලියට එක්වීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගන්නා බව ඔහු පවසයි.

එම දහ අටදෙනා තේරීම්වලදීම මූලික වටයේ රුපියල් තිස්පන්දහසක මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා ජාතික කණ්ඩායමෙන් එක දරුවෙකු අතරමඟ නැවතී තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාගේ මව සහ පියා රුපියල් තිස්පන්දහසක මුදල ඥාතියෙකුගෙන් ඉල්ලාගෙන ජාතික කණ්ඩායමට ලබාදීමත් සමඟ ඔහු මේවන විට තායිවානයේ ලබන මාසයේ පැවැත්වෙන බේස්බෝල් තරගයට පුහුණුවීම් කටයුතුවල කොළඹදී නිරත වෙයි.

දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ කුලී වැඩ කරන ඩී.ජී. ලලිත් සමන් කුමාර තිස්නව හැවිරිදි පියාත් එන්.ඩී.ජී. නිලංකා දිල්රුක්ෂි තිස්හත් හැවිරිදි මවත් ඔවුන්ගේ මිත්තනියත් ඇඬූ කඳුලින් අප සමඟ කියා සිටියේ මෙම දරුවා කුඩා අවදියේ සිටම බේස්බෝල් ක්‍රීඩාව සඳහා සහ අනෙකුත් ක්‍රීඩා සඳහා දක්ෂ අයෙකු බවය.

දිනුක මින් පෙර 2018 වසරේ ළාබාලතම දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයා ලෙස තායිවානයේදී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක් බවත් ඒ සඳහා ද ගමන් කිරීමට එවර ප්‍රදේශවාසීන් විසින් මුදල් ලබාදී ඇති බවත් පවසන දිනුකගේ මව්පියෝ මේ සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්වලින් රුපියල් දහ අටදහසක්ද ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපතිවරයා රුපියල් දහදහක මුදලක් ලබාදුන් බවය.

කෙසේ වෙතත් ලක්ෂ හතරහමාරකට ආසන්න මුදලක් සොයා ගැනීම දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් දරුවා ජාතික ක්‍රීඩකයකු බවට පත් කළ ද රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි කරවීමට හැකියාවක් නැති බවයි.

මේ ක්‍රීඩකයා සඳහන් කරන්නේ තමාට මේ සංචාරයට එක්වීම සඳහා අඩුම තරමේ ඇඳුම් පැලඳුම් හෝ ක්‍රීඩා කිරීමට අවශ්‍ය සපත්තු දෙකක් පවා නොමැති බවයි. මේ සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වුවහොත් තමන්ටද යාළුවාට සිදුවූ ආකාරයටම තායිවාන සංචාරය අතරමඟ නැවතීමට සි දුවන බවද හෙතෙම සඳහන් කළේය.

සීගිරිය විශේෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here