Home Sport News Room : “තානාපති කුසලාන – 2024″ ආරාධිත විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් තරගාවලිය ඇරඹෙයි

News Room : “තානාපති කුසලාන – 2024″ ආරාධිත විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් තරගාවලිය ඇරඹෙයි

0
0

“තානාපති කුසලාන – 2024″ ආරාධිත විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් තරගාවලිය ඇරඹෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පශ්චාත් උපාධි ශිෂ්‍ය සංගමය හා එක්ව සංවිධාන මෙම තරගාවලිය සංවිධාන කෙරේ. එය පැවැත්වෙනුයේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhen Hong මහතාගේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතාගේ සංකල්පයක් මත පැවැත්වේ.

2024 අගෝස්තු මස 14, 15 සහ 16 යන දිනයන්හි දී රාජ්‍ය විශ්වවිද්‍යාල 16 ක කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ උපාධි අපේක්ෂකයින් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී මෙය පැවැත්වේ.

ඒ සඳහා පහත විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.
1. කොළඹ විශ්වවිද්‍යාලය
2. පේරාදෙණිය විශ්වවිද්‍යාලය
3. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
4. කැලණිය විශ්වවිද්‍යාලය
5. මොරටුව විශ්වවිද්‍යාලය
6. යාපනය විශ්වවිද්‍යාලය
7. රුහුණු විශ්වවිද්‍යාලය
8. නැගෙනහිර විශ්වවිද්‍යාලය
9. අග්නිදිග විශ්වවිද්‍යාලය
10. රජරට විශ්වවිද්‍යාලය
11. සබරගමුව විශ්වවිද්‍යාලය
12. වයඹ විශ්වවිද්‍යාලය
13. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
14. සෞන්දර්ය විශ්වවිද්‍යාලය
15. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය
16. වවුනියා විශ්වවිද්‍යාලය

මෙම ශූරතාවලිය යටතේ, පහත සඳහන් තරග ඉසව් පවත්වන ලදී.

1. ශිෂ්‍ය මිශ්‍ර කණ්ඩායම් තරග ඉසව්ව.
2. කාර්ය මණ්ඩල අවුරුදු 45 ට වැඩි පිරිමි කණ්ඩායම් තරග ඉසව්ව.
3. කාර්ය මණ්ඩල පිරිමි විවෘත කණ්ඩායම් තරග ඉසව්ව.
4. කාර්ය මණ්ඩල කාන්තා විවෘත කණ්ඩායම් තරග ඉසව්ව.
5. කාර්ය මණ්ඩල මිශ්‍ර විවෘත කණ්ඩායම් තරග ඉසව්ව.

අද(14) පැවැත්වෙන මෙම ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhen Hong මහතාද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා ද සහභාගී වීමට නියමිත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here