Home Sport News Room : ග්‍රෙහැම් තෝප් මිය ගියේ දුම්රියට පැනලා

News Room : ග්‍රෙහැම් තෝප් මිය ගියේ දුම්රියට පැනලා

0
0

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වූ ග්‍රෙහැම් තෝප්ගේ මරණය සිදුවූයේ දුම්රියට පැන සියදිවි හානි කර ගනිමින් බවට ඔහුගේ බිරිය හා දියණිය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සරේ ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයක් අසලදී එය සිදු වී ඇතැයි ද වාර්තා වේ. කාලයක් පුරා විෂාදයෙන් පීඩාවට පත්වූ බව කියන 55 හැවිරිදි ග්‍රෙහැම් තෝප් දුම්රියේ ගැටීමෙන් පසු සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. ඔහු මීට වසර දෙකකට පෙරත් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බවද බිරිය අමෙන්ඩා ප්‍රකාශ කර තිබේ.

වසර 1993 සිට 2005 දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කළ ග්‍රෙහැම් තෝප් එම කාලය ඇතුළත ටෙස්ට් ලකුණු 6744ක් රැස් කළ අතර, ඊට ශතක 16ක් ඇතුළත් විය. එංගලන්ත එක්දින පිලේ නායකයා ලෙස තරග 82ක් මෙහෙයවීමට ද ඔහුට අවස්ථාව ලැබී තිබිණි.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here