Home World News Room : ‘අම්මා තමයි තවමත් අගමැති’

News Room : ‘අම්මා තමයි තවමත් අගමැති’

0
0

සිය මව බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් නොවූ බව ඇගේ පුත්‍රයා සජීඩ් වසීඩ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට ඔහු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ අගමැති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට සිය මවට අවස්ථාවක් නොලැබුණු බවය.

‘ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරන්න ඇය සැලසුම් කර තිබුණා. ඒත් විරෝධතාකරුවන් අගමැති නිල නිවෙස දක්වා පැමිණෙමින් සිටි නිසා ඊට අවස්ථාවක් ලැබී තිබුණේ නෑ. අඩුම තරමින් ඇයට ඇගේ ඇඳුම් පැලඳුම්වත් අසුරගන්න බැරි වුණා. ඒ නිසා බංග්ලාදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අම්මා තමයි තවමත් අගමැති. සජීඩ් වසීඩ් රොයිටර් පුවත් සේවයට එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම තත්ත්වය මත බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීම එරට අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට හැකියාව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

The post ‘අම්මා තමයි තවමත් අගමැති’ appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here