Home Sport News Room : රාජකීය – විද්‍යාර්ථ අවසන් පූර්ව වටයට

News Room : රාජකීය – විද්‍යාර්ථ අවසන් පූර්ව වටයට

0
0

අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය ඊයේ (12) සමත් විය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (12) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 2ක පෙරළිකාර ජයක් ලැබීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත්වූ අතර, කැම්බල් පිටියේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව කඩුලු 6ක ජයක් හිමිකර කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

ආනන්ද විද්‍යාලයට එරෙහි තරගයේදී විද්‍යාර්ථ විද්‍යාලයේ චෙනුල් ජයවවික්‍රම ලකුණු 32කට කඩුලු 5ක් දවාලූ අතර, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු සෙහඳු සූරියආරච්චි ලකුණු 79ක් රැස් කළේය.

විද්‍යාර්ථ විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය කොළඹ කැම්බල් පිටියේදීත්, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කටුගස්තොට

ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේදීත් හෙට (14) පැවැත්වීමට නියමිතය.

විද්‍යාර්ථ

ආනන්ද

විද්‍යාර්ථ විද්‍යාලය- 124 (ඕවර 42.3) ඕෂධ ජයරත්න 39, අනුහස් රණවීර 26 (දනිඳු සෙල්ලප්පෙරුම 20/4, රශාන් දිලක්ෂ 8/3, කිත්ම විතානපතිරණ 24/2)

ආනන්ද විද්‍යාලය – 122 (ඕවර 24.4) කිත්ම විතානපතිරණ 62 (චෙනුල් හංසජ 32/5, අනුහස් රණවීර 27/3)

රාජකීය

ශාන්ත බෙනඩික්ට්

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය- 178/7 (ඕවර 50) ටෙහාන් බිටර් 51, මාණික්‍ය දේශප්‍රිය 43, අකේන් පෙරේරා 23 (තෙවිඳු වේවැල්වල 41/2)

රාජකීය විද්‍යාලය- 179/4 (ඕවර 48) සෙහඳු සූරියආරච්චි 79, හිරුන් ලියනාරච්චි 38, රෙහාන් පීරිස් 24 (මිහිල රවිෂ්ක 27/2)

 

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here